🖨️ Generate PDF Report

6.5.2 දෛනික හා සහන කාල සටහන් ක්‍රියාත්මක වීම හා ඒ පිළිබඳ නියාමනයක් සිදු වීම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
May 10, 2026 Date Created
11:20 PM Time Created
#85 Activity ID
Responsible Officer
R.M.K.I. කරුණාරත්න
Activity Description
පාසලේ කාල සටහන විධිමත් ලෙස දිනපතා ක්‍රියාත්මක වේ. ඒ අනුව සියලු ගුරු භවතුන් තමන්ට හිමි කාලච්ඡේදය සදහා ඒ පන්ති කාමරය තුලට ගොස් ඉගෙන්වීමේ කටයුතු කරනු ලබයි.එය පන්ති වාර්තා පොතේ අදාළ කාලච්ඡේයේ පන්තියේ ඉගැන්වීම කල බව සටහන් කරනු ලබයි.
සහන කාලච්ඡේද ආවරණය සදහා විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදු කරනු ලබයි .ඒ අනුව දිනපතා සහන කාලච්ඡේද සටහන් කිරීම නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ අධීක්ෂණය යටතේ ශ්‍රියානි දිසානායක ගුරු මහත්මිය විසින් සිදු කරනු ලබයි .මෙය පලමු කාලච්ඡේදයට පෙර යොමු කරන අතර එය කඩිනමින් ගුරුවරුන් දැනුවත් කිරීම සදහා පාසලේ වට්සැප් සමූහයට යොමු කරයි.ඒ අතර සහන කාලච්ඡේද ආවරණ පොත ගුරුවරුන් වෙත යොමු කොට අදාල ගුරුවරයා දැනුවත් කොට එම සහන කාලච්ඡේදයට වගකීම් අත්සන් කොට පවරනු ලබයි .මෙය දින පතා අනද්‍යන සේවකයකු හරහා පොත සෑම ගුරුවරයකු අතට පත්වේ.
දිනපතා කාලසටහන නියාමනය අංශභාර ගුරුභවතුන් අධීක්ෂණය මගින් නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ අවසාන අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි.එනම්, දිනපතා කාලසටහන ක්‍රියාත්මක වීම පන්ති වාර්තා පොත් අධීක්ෂණය මගින් සිදු කරනු ලබයි.මෙහි සාරාංශ පන්ති භාර ගුරුභවතුන් සෑම සතියක කරනු ලබයි.
සහන කාලච්ඡේද නියාමනය විධිමත්ව සිදු වේ.ඒ අනුව නියෝජ්‍ය විදුහල්පතිතුමා සෑම දිනකම පාසල අවසානයේ සහන කාලච්ඡේද ආවරණ පොත පන්ති වාර්තා අත්සන් අනුව සටහන් කරනු ලබයි .ඒ අනුව කොල වර්ණයෙන් සහන කාලච්ඡේද ආවරණය කල බවද, තැබිලි වර්ණයෙන් කාලච්ඡේද ආවරණය නොකල බව සටහන් කරනු ලබයි.
සහන කාලච්ඡේද තුලදී පැවරුම් ලබා දීම විදිමත්ව සිදු වේ.ඒ අනුව සෑම පන්තියකම පැවරුම් බැන්කුව ක්‍රියාත්මක වන අතර සියලු විශයන් සදහා පැවරුම් එහි යොමු කොට ඇත.අදාල කාලච්ඡේදය සදහා ගුරුවරයා නොපැමිණි දිනයක සහන කාලච්ඡේද භාර ගුරුභවරයා පන්ති කාමරයේ පැවරුම් බැන්කුවේ අදාල වවිෂය සදහා යොමු කොට ඇති පැවරුම ලමුන් සදහා ලබා දේ.
මෙම කාලසටහන් හා සහන කාලසටහන් නියාමනය තුලින් අදාල ගුරුභවතාගේ කාර්‍ය භාර්‍ය සිදු වූ වාද නැද්ද යන්න සටහන් වේ.ඒ අනුව ඒ සදහා සුදසු දැනුවත් කිරීම් හා කියාමාර්ගයන් විදුහල්පතිතුමා හා නියෝජ්‍ය විදුහල්පතිතුමා මගින් ගනු ලැබේ.
Photo Documentation (6 Images)