Activity Description
පාසල් දෛනික ආරම්භය විධිමත් කිරීම සහ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් "ප්‍රධාන මාර්ගයේ පාසල් පිවිසුම අසල මාර්ග ආරක්ෂක සහ රිය නියාමක වැඩසටහන" ක්‍රියාත්මක කරනු ලබයි. මෙය පාසල් ප්‍රජාවගේ විනය හා සුරක්ෂිතතාව පිළිබඳ මනා කැඩපතක් ලෙස හඳුනාගත හැකිය.
මෙහිදී, උදෑසන පාසල ආරම්භයේදී සහ සවස විසිර යාමේදී සිසුන්ගේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කිරීම, පාසල් පිවිසුම අසල මාර්ග තදබදය අවම කරමින් විධිමත් ප්‍රවේශයක් ලබා දීම,සිසුන් තුළ මාර්ග ආරක්ෂක නීති පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීම හා ගුරුභවතුන් සහ සිසුන්ගේ සහභාගීත්වයෙන් විධිමත් කළමනාකරණ පද්ධතියක් පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ.පෙ.ව. 7.00 සිට 7.30 දක්වා හා ප.ව. 1.30 සිට 1.50 දක්වා කාලය තුළ පුහුණුව ලත් රිය නියාමක සිසුන් සහ එය භාරව කටයුතු කරන ගුරු මණ්ඩලය ප්‍රධාන මාර්ගයේ පාසල් පිවිසුම අසල සේවයේ නිරත වේ.