Activity Description
පාසල් පරිශ්‍රයේ පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
දිනපතා පාසල ආරම්භ වීමට පෙර පන්ති කාමර අතු ගෑම, දුවිලි පිසදැමීම සහ කසල නිසි ලෙස බැහැර කිරීම මෙන්ම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම මෙහිදී සිදු කෙරේ. මේ මගින් සිසුන් තුළ තම පරිසරය පිරිසිදුව තබා ගැනීමේ සමාජ වගකීම සහ යහපත් පුරුදු ඇති කිරීම මෙන්ම පිරිසිදු හා පිළිවෙලකට ඇති පරිසරයක් තුළ ඉගෙනීමට යොමු වන අවධානය ඉහළ යාමක් අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන පන්ති නායකයින් , ශිෂ්‍ය නායකයින් හා පන්ති නායකයින් ශිෂ්‍ය නායකයින් හා පන්තිභාර , සහාය පන්තිභාර ගුරු භවතුන් විසින් අධීක්ෂණය කරනු ලබයි.