🖨️ Generate PDF Report

6.6.1 පාසල ආරම්භ කිරීම හා අවසාන කිරීම සඳහා සැලසුම්ගත විධිමත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
September 8, 2026 Date Created
12:03 PM Time Created
#285 Activity ID
Responsible Officer
K.M S.N M පියතිලක
Activity Description
ප්‍රධාන මාර්ගයේ පාසල් පිවිසුම අසල මාර්ග ආරක්ෂක සහ රිය නියාමක වැඩසටහන
පාසල් දෛනික ආරම්භය විධිමත් කිරීම සහ සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම් අරමුණු කරගනිමින් ප්‍රධාන මාර්ගයේ පාසල් පිවිසුම් අසල මාර්ග් ආරක්ෂක සහ රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙය පාසල් ප්‍රජාවන්ගේ විනය හා සුරක්ෂිතතාව පිළිබඳ මනා කැඩපතක් ලෙස හඳුනාගත හැකිය.
මෙහිදී උදෑසන පාසල ආරම්භයේදී සහ සවස විසර යාමේදී සිසුන්ගේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කිරීම, පාසල් පිවිසුම අසල මාර්ග තදබදය අවම කරමින් විධිමත් ප්‍රවේශයක් ලබාදීම, සිසුන් තුළ මාර්ග ආරක්ෂක නීති පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීම හා ගුරුභවතුන් සහ සිසුන්ගේ සහභාගිත්වයෙන් විධිමත් කළමනාකරණ පද්ධතියක් පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ. උදෑසන 7.00 සිට 7.30 දක්වා හා සවස 1.30 සිට 1.50 දක්වා කාලය තුළ පුහුණුවලත් රියනියාමක සිසුන් සහ ඒ භාරව කටයුතු කරන ගුරු මණ්ඩලය ප්‍රධාන මාර්ගයේ පාසල් පිවිසුම අසලය සේවයේ නිරත වේ.
Photo Documentation

No photos uploaded for this activity yet.