Activity Description
ලෝක පරිසර දිනයට සමගාමීව පැවති රුක් රෝපණ වැඩසටහන, පරිසර දින සැමරුම් වැඩසටහන හා Clean Sri Lanka වැඩසටහන යටතේ පස්සර නගරය පිරිසිදු කිරීම මෙන්ම ඊයේ දිනයේදී ද පරිසර නියමු දරුවන් විසින් බණ්ඩි කන්ද තරණය හා ඒ ආශ්‍රිත රුක් රෝපණය මෙන්ම කන්දෙහි සිට පස්සර නගරය දක්වා නොදිරන අපද්‍රව්‍ය එක් රැස් කර ප්‍රාදේශීය සභාවට බාර දීම වැනි වැඩසටහන් කිහිපයක් සිදු කෙරුණි.රුක් රෝපණ වැඩසටහන සදහා පැළ ලබාදීම ට අනුග්‍රාහක දායකත්වය ලබා දෙනු ලැබූවේ එලායන්ස් ෆිනෑන්ස් මූල්‍ය සමාගම් ප්‍රාදේශීය කළමනාකාර හා පස්සර ශාඛා කළමනාකරු රුවන් රංග තෙන්නකෝන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වේ.